Hackrish Network

Design by Himash Maduwantha

Hackrish Network

Design by Himash Maduwantha

Hackrish Network

Design by Himash Maduwantha.

Hackrish Network

Design by Himash Maduwantha

Hackrish Network

Design by Himash Maduwantha

Saturday, November 24, 2012

ලෝකය ත්‍රිමාණව දකින්න Earth Pro 6.2

ඔයාලගෙ ගෙදර ඉන්න වැඩි මහලු උදවිය පරිගණක පරිහරණය ගැන වැඩි දැනුමක් නැති අය නම් ඒ අයට තමන් ජීවත් වෙන ගෙදර, නිතර යන එන පාරවල් අහසෙ ඉඳන් බලන විදියට පෙන්නන කොට ඒක හරි පුදුම අත්දැකීමක් වෙයි. නමුත් අන්තර්ජාලයෙ නිතර සැරිසරන ඔබට නම් මේක එතරම් පුදුමයක් නෙමෙයි. මොකද Google Earth ගැන ඔබ දැන ගත්තෙ අද ඊයෙක නොවන නිසා. තවමත් මේ අත්දැකීම ඔබ විඳලා නැත්තම් පොඩ්ඩක් දාගෙන බලන්න. අනිවාර්යෙන්ම ඒක ඔබටත් ඔබේ ගෙදර අයටත් පුදුම අත්දැකීමක් වෙයි.

ගොඩක් අය Google Earth වල නොමිලේ දෙන සංස්කරණය තමයි බාවිතා කරන්නෙ. නමුත් නොමිලේ දෙන සංස්කරණයට වඩා වැඩි පහසුකම් සහිත මුදල් ගෙවා ලබා දෙන සංස්කරණයක් තියෙනවා Google Earth Pro කියලා. ලංකාවෙ අපි නම් ප්‍රොෆෙශනල් විදියට මේක බාවිතා කරනවා අඩුයි. සිරස TV එකේ නම් නිවුස් කියන වෙලාවට මේක තියාගෙන කරකවනවා දැකලා තියෙනවා. මේකෙ ගෙවලා ගන්න ඕන සංස්කරණයෙ මිල ඩොලර් 399ක් විතර තමයි වෙන්නෙ. පොඩි ගානක් නිසා ඔයාලට ඕනම නම් සල්ලි දීලා උනත් ගන්න පුලුවන්...:P ඩොලර් 399ක් හොයා ගන්න නැති අය පහලින් ඩවුන්ලෝඩ් කරගන්න Google Earth Pro 6.2 අලුත්ම සංස්කරණය.
Download Google Earth Pro 6.2 + Patch
නිවැරදිව ඉන්ස්ට්‍රෝල් කරගන්නා ආකාරය.

01.) මුල්ම පියවර වශයෙන් ඔයාගෙ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරන්න.

02.) "GoogleEarthWin.exe" මත ඩබල් ක්ලික් කරලා ඉන්ස්ට්‍රෝල් කරන්න. අතර මගදි ඉන්ස්ට්‍රෝල් කරන්න එන ටූල් බාර්, අරවා මේවා ඉන්ස්ට්‍රෝල් කරන්න ඕන නෑ. ඒවා වල ටික් දාන්න යන්න එපා. ඉන්ස්ට්‍රෝල් උනාට පස්සෙ ඕපන් කරන්න යන්න එපා ක්ලෝස් කරලා දාන්න.

03.) "Patch_-HacKrisH-" කියන ෆෝල්ඩර් එකේ තියෙන "google.earth.free2pro.v6.2.2.6613.patch--HacKrisH-.exe" කියන ෆයිල් එක Copy කරගෙන මේ පාත් එකට Paste කර ගන්න. (C:\Program Files (x86)\Google\Google Earth\client)

04.) ඊට පස්සෙ ඒ ෆයිල් එක ("google.earth.free2pro.v6.2.2.6613.patch-HacKrisH-.exe") උඩ රයිට් ක්ලික් කරලා Run as administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ Open වෙන පැච් එකේ දකුණු අත පැත්තෙ තියෙන මූණ උඩ ක්ලික් කරන්න. "OK" කියලා පෙන්නුවොත් ගින්දර වගේ පැච් වෙලා.
දැන් ඉතින් ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා සොෆ්ට්වෙයා එක රන් කරන්න. ඔන්න බඩු වැඩ. ඊලඟට තමයි වැදගත්ම පියවර එන්නෙ. ඉතුරු කරගත්තු ඩොලර් 399ය පුලුවන් ඉක්මනට මගේ බැන්ක් එකවුන්ට් එකට ඩිපෝසිට් කරන්න...:P
ප්‍රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න. මේ ලිපිය ප්‍රයොජනයක් උනා නම් හා අකමැත්තක් නැත්තම් ප්‍රතිචාරයක් එහෙම දාලා මගේ සයිට් එකේ Member කෙනෙක් වෙලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට මම ගියා ආයෙත් සෙට් වෙමු.





නැතුවම බැරි WinRAR හැක් කිරීම...


හරි... මම අද ඔයාලට තවත් වැදගත්
වෙයි කියලා හිතපු දෙයක් අරන් ආවා. අන්තර්ජාලය බාවිතා කරන ඕනම කෙනෙක් දන්න මෘදුකාංගයක් තමයි WinRAR කියන්නෙ. ගොඩක් වෙලාවට ඔබ දැකලා ඇති අපි අන්තර්ජාලයෙන් බාගත කර ගන්න විවිධ ෆයිල්ස් අපිට ලැබෙන්නෙ වින් රාර් ගොනු හැටියට. WinRAR මෘදුකාංගය බාවිතා කරලා අපිට පුලුවන් අපගේ ෆෝල්ඩර්ස් හා ෆයිල්ස් ප්‍රමාණයෙන් කුඩා කරන්න. ඒ වගෙම වැඩි බරකින් යුක්ත ෆයිල්ස් කොටස් කර ගන්නත් පුලුවං. එසේ කොටස් කරගත් ෆයිල්ස් එකතු කරලා නැවතත් මුල් ෆයිල් එක හෝ ෆෝල්ඩර් එක අපිට ලබා ගන්නත් පුලුවං. අපි හිතමු 1 GB ක ෆයිල් එකක් මට යාලුවො අතර ශෙයා කරන්න ඕන. ඒ කිව්වෙ මගේ ෆයිල් එක එයාලටත් දෙන්න ඕන කියලා. එතකොට ඉතින් මට කරන්න තියෙන්නෙ ඒ ෆයිල් එක Mediafire වගේ නොමිලේ ලබාදෙන ෆයිල් ශෙයාරින්ග් අඩවියකට අප්ලෝඩ් කරන්න ඕන. මීඩියාෆයර් අඩවිය නොමිලේ බාවිතා කරන්නන්ට වරකට 200 MB වලට වඩා ලොකු ෆයිල් අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ. ඊට වඩා ලොකු ෆයිල් අප්ලෝඩ් කරන්න ඕන නම් සල්ලි ගෙවලා අපිට ඉඩ ගන්න වෙනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි මේ වින්රාර් අපිට වැදගත් වෙන්නෙ. මම වින්රාර් බාවිතා කරලා 1 GB  ෆයිල් එක 200 MB ෆයිල් 5කට කඩලා මීඩියාෆයර් වලට අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරලා ලින්ක් 5 යාලුවොන්ට දෙනවා බා ගනිල්ලා කියලා. එයාලත් ඉතින් අර ලින්ක් පහෙන් කෑලි පහම ඩවුන්ලෝඩ් කරලා නැවතත් වින්රාර් මෘදුකාංගය බාවිතා කරලා අර කෑලි 5ම එකතු කරලා 1 GB තනි ෆයිල් එක හදා ගන්නවා.

මම දන්නවා ගොඩක් අය බාවිතා කරන්නෙ වින්රාර් ට්‍රයල් වර්ශන් එකක් හරි නැත්තම් පරන වර්ශන් එකක් හරි. මේ අඩවියෙන් (http://www.rarlab.com/download.htm) ඔයාලට දවස් 40ක ට්‍රයල් වර්ශන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ගොඩක් අය මේක ඇක්ටිවේට් කරන්න යන්නෙ නෑ. මොකද මේක අපිට වද දෙන්නෙ නෑ ඇක්ටිවේට් කරන්න කියලා. නමුත් මම ඔයාලට පහලින් දානවා මේක ජීවිත කාලයම බාවිතා කරන්න පුලුවන් කී එකක්. මුලින් ඔය උඩ ලින්ක් එකෙන් අලුත්ම වින්රාර් සංස්කරණය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉන්න. ඊට පස්සෙ පහලින් ඩවුන්ලෝඩ් කරගන්න දාන කී එක අරගෙන ඇක්ටිවේට් කරගන්න.
Download WinRAR + Lifetime License - (3.5MB)

වින්රාර් සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරලා ඉවරවෙලා Key ෆයිල් එක Computer >>> Local Disk >>> Program Files >>> WinRAR කියන පාත් එකේ තියෙන වින්රාර් ඉන්ස්ට්‍රෝල් වෙච්ච ෆෝල්ඩර් එකට පේස්ට් කරලා දාන්න. එච්චරයි...
හරි... එහෙනම් මම හිතනවා මේ ලිපිය ඔබට වැදගත් වෙයි කියලා. ප්‍රශ්නයක් මතු උනොත් කමෙන්ට් කරන්න. බා ගෙන සද්ද නැතුව නොගිහින් කමෙන්ට් එකකින් හොඳ නරක කියන්න පුලුවන් නම් වටිනවා. කැමති නම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට හෙල්ප් කරන්න. එහෙනම් අදට මම ගියා... තවත් වැදගත් දෙයක් එක්ක නැවත හමුවෙමු... ජය ශ්‍රී!!!

එන්නට පෙර ඉගෙන ගන්න [Windows 8]

Windows 8 අද ගොඩක් දෙනෙක් කතා වන මාතෘකාවක්. ගොඩක් අය මේ ගැන හරි උනන්දුයි. තාම Windows 8 ෆයිනල් එක එලියට දාලා නෑ කියලා හැමෝම දන්නවා. දැනට Windows 8 වල Release Preview එක තමයි එලියට දාලා තියෙන්නෙ. දැනට ගොඩක් අය ඒක පාවිච්චි කරනවනේ... තාම ඒක දා ගත්තෙ නැති අයට ඒක ඩවුන්ලෝඩ් කර ගන්න ඕන ලින්ක් ලිපියෙ අන්තිමට දාන්නම්.

Windows 8 Release Preview එක දාගත්තත් සමහරුන්ට හරි අමාරුයි මේක තියෙන අලුත් අලුත් වැඩ කෑලි අල්ල ගන්න. මොකද මේ අලුත්ම අලුත් Windows 8 කලින් ආපු අපි දැං පාවිච්චි කරන Windows 7 වලට වඩා ගොඩක් වෙනස්. අලුත් අලුත් විශේෂාංග රැසක් ඔබට මේ Windows 8 කියන නවතම සංස්කරණය එක්ක ලැබෙනවා. ඔයාලට මේ අලුත්ම අලුත් Windows 8 සංස්කරණයෙ තිබෙන අපූරු විශේෂාංග Windows 8 ෆයිනල් එක එලියට එන්නත් ඉස්සර වෙලාම ඉගෙන ගන්න ලැබුනා නම් ගොඩක් වටීවි කියලා මට හිතුනා. මට නෙට් එකේ රවුමක් දාන කොට සෙට් උනා Windows 8 ගැන අංගසම්පූර්ණව කියලා දෙන පට්ට පොතක්. මට හිතුනා මේක ඔයාලටත් වටීවි කියලා. ඔබේ පරිගණකයට Windows 8 ඉන්ස්ට්‍රෝල් කරන්න ඉස්සරවෙලා ඔබේ හාර්ඩ්වෙයා අප්ග්‍රේඩ් කරන්න ඕන හැටි, Windows 8 ඉන්ස්ට්‍රෝල් කරන හැටි, Windows 8 වල අලුත් විශේෂාංග ගැන පැහැදිලි රූප සටහන් සහිතව මේ පොතේ සටහන් වෙනවා. මේ පොත ඔයාලට ලැබෙන්නෙ PDF ෆෝර්මැට් එකෙන්. ඒක නිසා මේක කියවන්න නම් Adobe Reader කියන මෘදුකාංගය ඔබේ පරිගණකයේ ඉන්ස්ට්‍රෝල් කරලා තියෙන්න ඕන. Download Adobe Reader X (10.1.3) (51.95 MB). හරි එහෙනම් පහල ලින්ක් එකෙන් පොත ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකො කොහොමද කියලා.

Download The Complete Guide to Windows 8 [PDF / 44 MB]



තාමත් Windows 8 Release Preview එක දාගෙන නැති අය ඉන්නවා නම් පහල ලින්ක් වලින් තමන්ට ඕන සංස්කරණය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න.


Download Windows 8 Release Preview ISO image 64-bit (x64) [3.3 GB]



Download Windows 8 Release Preview ISO image 32-bit (x32) [2.5 GB]


ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න පට්ටම බඩ්ඩ...(v8)

අරගෙන ආවා. ඔයාලා දැකලා ඇති මගේ බ්ලොග් එකේ එක එක වීඩියෝ ටියුටෝරියල් හදලා විවිධ දේවල් ඔයාලට කියලා දෙනවා. අද මම ඔයාලට දෙන්නෙ එවැනි වීඩියෝ හදන්න බාවිතා කරන සොෆ්ට්වෙයා එකක් වන Camtasia Studio 8 කියන අලුත්ම සංස්කරණය. මම පහුගිය කාලේ බාවිතා කරේ Camtasia Studio7 එක. නමුත් ඊයේ පෙරේදා එලියට දැම්මා ඒකේ අලුත්ම සංස්කරණය වන Camtasia Studio 8 කියන වර්ශන් එක. මමත් මේ දැං ඒක ඉන්ස්ට්‍රෝල් කරගත්තේ. මට හිතුනා ඒක ඔයාලටත් වටියි කියලා. අලුත්ම අලුත් අංග ගනනාවක් එකතුවෙලා හැදුන Camtasia Studio 8 තමයි දැනට ලෝකයේ තිබෙන හොඳම ස්ක්‍රීන් රෙකෝඩින්ග් මෘදුකාංගය.

මොකක්ද මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නෙ කියලා ඔයාලා දන්නවා ඇති. නොදන්න අය ඉන්නවා නම් සරලව කියන්නම් මේ සොෆ්ට්වෙයා එක බාවිතා කරලා අපිට අපගෙ පරිගණක තිරය රෙකෝඩ් කරන්න පුලුවන්. අපිට අපි දන්න දේවල් කරලා විඩියෝ එකක් විදියට අවුට් කරන්න පුලුවන්. You Tube එකට අප්ලෝඩ් කරලා ලෝකයත් එක්කම තමාගේ දැනුම බෙදා ගන්න පුලුවන්. එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකො කොහොමද කියලා.

Download Camtasia Studio 8 (242 MB)



ඔයාලා උඩින් ඩවුන්ලෝඩ් කරගත්තෙ Camtasia Studio 8 වල දවස් 30හේ ට්‍රයල් වර්ශන් එක. ඒක ඇක්ටිවේට් කරගන්න ඕන කරන Keygen එක පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ටෙක්ස්ට් ෆයිල් එකක් ඇති ඒකත් පොඩ්ඩක් කියවලා ඉන්න. හොස්ට් ෆයිල් එක පොඩ්ඩක් එඩිට් කරගන්නත් වෙනවා. නැත්තං ඉන්ටර්නෙට් ලොග් වෙලා ඉන්න වෙලාවක Camtasia Studio 8 ඕපන් කරොත් සීරියල් නම්බර් එක බ්ලොක් කරනවා. එහෙනම් Keygen එක ඩවුන්ලෝඩ් කරගන්නකො.

Download Camtasia Studio 8 Keygen



Camtasia Studio කියන මෘදුකාංගය කොහොමද බාවිතා කරන්නෙ කියන එක සමහරු දන්නවා ඇති. නොදන්න අයට ඕන කරන ටියුටෝරියල් බලන්න ඕන නම් මේ ලින්ක් එක (http://goo.gl/e91nc) බාවිතා කරන්න.

Download Teri Meri සිංහල Version (MP3 / 8MB)

මම මේ ලිපිය කියවන ඔයාලට තව දෙයක් බෝනස් විදියට දෙනවා. නිකමට ෆේස්බුක් එකේ දැම්මාම ගොඩක් අය මේ ගීතයට පට්ට කැමතියි කියලා තේරුනා. ඔයාලා බලලා තියෙන බොඩිගාර්ඩ් කියන හින්දි ෆිල්ම් එකේ තියෙන ලස්සනම සිංදුවනෙ Teri Meri ගීතය. දැං ඒකේ සිංහල වර්ශන් එක එලියට ඇවිල්ලා තියෙනවා. කැමති අය පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන හොඳ නරක කියන්නකෝ.

මම හිතන්නෙ අනිවාර්යෙන්ම ඔයාලත් කැමති වෙයි මේ ගීතයට...:) එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන අහලා යාළුවොත් එක්ක බෙදා ගන්න ෆේස්බුක් එකේ ශෙයා පාරක් එහෙම දාන්න...;)



Photoshop කලු පටි ශූරයෙක් වන්න...;) / Part - 01

හරි... මම අද ඔයාලට දෙන්න යන්නෙ ගොඩක් අය මගෙන් ඉල්ලපු දෙයක්... Adobe After Effects Tutorials DVD හා Adobe Sinhala Tutorials DVD මම ඔයාලට ගෙදරටම එව්වාට පස්සෙ සංජයට කතා කරපු ගොඩක් අය ඇහුවා ෆොටෝෂොප් වලට එහෙම මෙහෙම පැක් එකක් නැද්ද කියලා. මගෙනුත් ෆේස්බුක් මැසේජ් වලින්, ඊමේල් වලින් ගොඩක් අය ඔය ප්‍රශ්නයම ඇහුවා. හැබැයි ඒ වෙනකොට ෆොටෝෂොප් වලට පැක් එකක් මම හදලා තිබුනෙ නැති නිසා ඉදිරියෙදි දෙන්නම් කියලා තමයි හැමෝටම කිව්වෙ.

මම දන්නවා දැං ඔයාලට අපි ගැන විශ්වාසය ඇති වෙලා ඉවරයි. මොකද ඕඩර් කරපු හැමෝටම අපි නියමාකාරයෙන් එයාලා ඕඩර් කරපු දේවල් පූර්ණ ආරක්ෂාවක් යටතේ ලියාපදිංචි තැපෑලෙන් නිවසටම එව්වා. මම අද ඔයාලට දෙන මේ ඇඩෝබි ෆොටෝෂොප් බ්ලැක් බෙල්ට් පැක් එක ශේෂ්ත්‍රයට  ආධුනිකයන් වූ අයට මෙන්ම ප්‍රවීනයන්ටත් එක සේ වැදගත්.

මම මේ පැක් එක ගැන හඳුන්වා දෙන්න පොඩි වීඩියෝ එකක් කරා. මගේ වචන වලින්ම ඔබට පූර්ණ විස්තරයක් මම පහල වීඩියෝ එකේ දානවා. ඔයාලත් මේ පැක් එක ගන්න හිතනවා නම් මුලින්ම පහල වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඉන්න. මොකද ඔයාලට වැදගත් වෙන ගොඩක් දේවල් වීඩියෝ එකේ අන්තර්ගත කරලා තියෙනවා. සමහර විට කතා කරනකොට වරදින අවස්තා ඇති. ඒවා ගනං ගන්න එපා. මොකද මම කතා කරන්නෙ පිටපත් බලාගෙන නෙමෙයි. හිතට එන හැම දේම කියලා දානවා. ඉතින් ඒ වගේ කතා කරනකොට වරදින අවස්තා තියෙනවා නේ... එහෙනම් ඉතුරු ටික කතා කරන්න ඉස්සරවෙලා වීඩියෝ එක බලලා ඉන්නකෝ... වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න ආස අයට පහලින් දාන ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් HD වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න පුලුවන්.

 Watch Adobe Photoshop Black Belt Pack Trailer


Download Adobe Photoshop Black Belt Trailer (HD Video) -  64 MB

රෙගියුලර් කස්ටමර්ස්ලට Element 3D.

මම අද ඔයාලට දෙන්නෙ ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් සඳහා වැදගත් වන ප්ලගින් එකක්. මේ ලඟදි තමයි මේක එලියට ආවෙ. මගේ ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් ඇඩ්වාන්ස්ඩ් ටියුටෝරියල් පැක් එක Adobe After Effects Advanced Tutorials Pack 01 (http://www.hackrish.org/2012/03/100.html) ගත්තු යාලූවන්ට තමයි මේක දෙන්නෙ. අද ඉඳලා ඕඩර් කරන අයට කොහොමත් මේ ප්ලගින් එකත් සමග ඒ හා අදාල වන වීඩියෝ සෙට් එක ලැබෙනවා. නමුත් කලින් ගත්තු අයට අසාදාරණයක් නොවන්න එයාලට ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් දානවා. අපේ Adobe After Effects Advanced Tutorials Pack 01 එක ගත්තු අය දන්නවා ඒක තමන්ට කොච්චර වැදගත් ද කියලා මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න. ඇඩ්වාන්ස් ටියුටෝරියල්, බේසික් ටියුටෝරියල්, සුවිශේෂි ප්ලගින්ස් හා ආෆ්ටර් ඉෆෙක්ට් ටෙම්ප්ලේට් තොගයක ක්‍රමාණුකූල එකතුවක් තමයි මම ඔයාලට ඉදිරිපත් කරේ. ඉදිරියෙදි දෙන්න හිතාගෙන ඉන්නවා ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලට එන ප්ලගින්ස් වලට ටියුටෝරියල් පැක් එකක්... ඒ පැක් එක මේ දවස් වල හදා ගෙන යනවා. ඊට පස්සෙ දෙනවා ඇඩෝබි ආෆටර් ඉෆෙක්ට්ස් සමග සිනමා4D මෘදුකාංගයෙන් වැඩ කරන්නෙ කොහොමද කියලා උගන්න ටියුටෝරියල් පැක් එක... ඒක නම් දැනටමත් ලෑස්තියි. හැබැයි තාම සයිට් එකට දැම්මෙ නැත්තෙ ඒක තුන් වන පැක් එක විදියට දෙන්න බලාපොරොත්තු වෙන නිසා... ලඟදිම දාන්නම්... මගේ කම්මැලිකම තමයි තියෙන්නෙ...:(
අද මම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න දෙන ප්ලගින් එකට ආෆ්ටර් ඉෆෙක්ට්ස් වල වැඩ කරන අයගෙන් ඉතා ලොකු ඉල්ලුමක් ඇති උනා. මේක සුවිශේෂි ප්ලගින් එකක්. ත්‍රිමාණ සජීවී කරන මෘදුකාංගයක් බාවිතා නොකර ආෆ්ටර් ඉෆෙක්ට් වල ඉඳන්ම 3D වැඩ කරන්න මේ ප්ලගින් එකෙන් පුලුවන්. මම මෙතන මේ ප්ලගින් එක ගැන කතා කරන්න ඕන නෑ. මෙන්න ලින්ක් එක වැඩි විස්තර ගිහිල්ලම බලන්න. (https://www.videocopilot.net/products/element/). බැලුවා නම් ඉතින් වැදගත් කම තේරෙන්න ඇතිනෙ. එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.
Download Element 3D + License (100% Working)

Updated : 2012/09/06
ගොඩක් අයට මේක ඉන්ස්ට්‍රෝල් කරගෙන නිවැරදිව ක්‍රැක් කර ගන්නෙ කොහොමද කියලා ප්‍රශ්න තිබුනා. අන්න ඒ අය පහල ලින්ක් එකෙන් නිවැරදිව ක්‍රැක්කර ගන්නා ආකාරය කියලා දෙන වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න

 How to Crack Video Copilot ELEMENT 3D

වයිරස් වලට දෙවි පිහිටයි [Threat Fire]


  ආහ්...කොහොමද ඉතින් කස්ටිය.ඔන්න මම අද ඔයාලට බොහොම වැදගත් දෙයක් ගෙනවා.ඔයාල වෛරස් ගැන හිත හිත වද වෙනවද... ඒවුණාට මම නම් හිතන්නෑ එහෙම වද වෙනව ඇති කියල.මොකද කැස්පා ජීවිතේටම තියාගන්න හැටි මම කියල දීල තියෙනවා.හරි.. ගොඩක් අය මට කිව්ව කැස්පා දැම්මම ස්ලෝව් වෙනව කියල.ඒක නම් ඉතින් එහෙම තමයි.කැස්පා දාගන්න නම් හොඳ ස්පීඩ් එකක් තියෙන පරිගණකයක් වෙන්න ඕන.ඉතින් එහෙම කියල ලිස්සල යන ජාතියෙ පොරක් නෙමේ මේ මැරයා.මම විශේෂයෙන්ම මේ ලිපිය ලියන්න හිතුවෙ ඒ අය ගැන හිතල තමයි.

හරි..මං දැන් කියන්නම් ගෙනාපු දේ ගැන.මේක අලුත් විදියෙ Antivirus Software එකක්.මෙකට කියන්නෙ  Threat Fire කියලා. Key Loggers,Spyware,Adware,Viruses,worms,Trojans,rootkit ගැන හිත හිත වද උනු ඔයාලට දැන් අවුලක් නෑ. Active Defense වලින් තමා මෙයා වැඩෙ දෙන්නෙ..දැනට ඔයාලගෙ Computer එකෙ Antivirus Software එකක් තිබුනත් මෙක කිසිම ප්‍රශ්නයක් නැතිව භාවිතා කරන්න පුලුවන්...


 Computer එකෙ Speed එකට මෙකෙන් කිසිම බාදාවක් වෙන්නෙ නෑ.මෙකට ඔයාලා දැනට භාවිතා කරන Antivirus Software එකට කරන්න බැරි වැඩකරන්න පුලුවන්.ඒකතමයි මෙකෙ තියන Special එක.දිනෙන් දින අන්තර්ජාලයට එක්වන විවිද මැල්වෙයා වැඩසටහන් හදුනාගත හැක්කෙ හොද තත්වයෙ Antivirus Software එකකට පමණයි.ThreatFire කියන්නෙ ඔයාගෙ Computer එකට හානි කරන වෛරස්,ස්පයිවෙයා,මැල්වෙයා වැනි හානිකර පරිගණක වැඩසටහන් හදුනාගැනීමට හැකියාවක් ඇති Antivirus Software එකක්. තවත් දෙයක් තමයි මෙහි තිබෙන Active Defense නම් Technology එක ඔස්සෙ අලුත් Computer Virus ඉක්මනින් හදුනාගත හැකි වීම.මෙහි නිශ්පාදකයන් කියන ආකාරයට වෙනත් Antivirus Software වලට වඩා 243% කින් Computer Virus හදුනාගැනීමට හැකියාවක් මෙයට තියනවා.

  Avast! Antivirus , AVG, Kaspersky,McAfee, Trend Micro Trend වැනි සෙසු ප්‍රතිවෛරස් සමග සසදා බලන කොට හානිකර Computer Viruses වඩාත් ඉක්මනින් හදුනා ගැනීමෙ හැකියාවක් මෙය සතුවෙනවා.ඔයාගෙ Computer එකෙ දැනටමත් Antivirus Software එකක් තියෙන්න පුලුවන්,නමුත් Threat Fire භාවිතයෙන් ඔයාගෙ Computer එකට වැඩි ආරක්ශාවක් සලසා ගන්න පුලුවන්.මෙයට ප්‍රදාන කරුණ වෙනත් Antivirus Softwareයාවත්කාලීන කීරීම (Update) සිදුවන්නෙ යම් Virus එකක් පළමුවරට හදුනාගත් පසුව එයට අදාල ප්‍රතිවෛරස් වැඩසටහන් නිර්මාණය කිරීමයි.ඉතින් මෙකට වැඩි කාලයක් ගතවෙනවා.
හානිකර වැඩසටහන වෙනත් පරිගනක වලට පැතිරෙන්න මේ කාලය හොදටම ප්‍රමාණවත්..ඒ උනාට මෙ දුර්වලතාවය ThreatFire වල නෑ.Keyborad එකෙන් Computer එකට ඇතුලත් කරන විදාන,ඔබගෙ අනු දැනුමකින් තොරව පරිගණකයෙ ක්‍රි‍යාත්මක වන වැඩසටහන් දෙස ThreatFire නිතරම අවදානයෙන් ඉන්නවා.මෙය සිදුවන්නෙ Sophisticated real time behavioral analysis කියන දෙය හරහායි.Zero-day threats නමින් හදුන්වන Virus වැඩසටහන් වලින් වන හානිදායක ක්‍රියාකාරකම් Threat Fire Software එකෙන් නිවැරදිව හදුනාගන්න පුලුවන්.( Zero-day threats ලෙස හදුන්වන්නෙ සෙසු Antivirus Software මගින් හදුනාගත නොහැකි ආකාරයෙ පරිගණක වැඩසටහන්ය. )

  KeyLoggers, Spyware, Adware , Viruses, worms,Trojans,rootkit වගෙ පරිගණක වෑඩසටහන් ඔයාලගෙ Computer එකට ඈතුලු වීමවලක්වන්නActiveDefense Technology එක සහිත Threat Fire වලට පුලුවන්.තවද මෙම Antivirus Software එක ඉතා පහසු Inter face එකක් ඈතිSoftware එකක්.එහෙනම් ඉතින් පහළින් Threat Fire මෘදුකාංගය බාගන්න.කමෙන්ට් එකක් දාලා ෆලෝව් පාරක් දෙන්න අමතක කරන්න එපා.ආයි දවසක හමුවෙමු.