Saturday, November 24, 2012

නැතුවම බැරි WinRAR හැක් කිරීම...


හරි... මම අද ඔයාලට තවත් වැදගත්
වෙයි කියලා හිතපු දෙයක් අරන් ආවා. අන්තර්ජාලය බාවිතා කරන ඕනම කෙනෙක් දන්න මෘදුකාංගයක් තමයි WinRAR කියන්නෙ. ගොඩක් වෙලාවට ඔබ දැකලා ඇති අපි අන්තර්ජාලයෙන් බාගත කර ගන්න විවිධ ෆයිල්ස් අපිට ලැබෙන්නෙ වින් රාර් ගොනු හැටියට. WinRAR මෘදුකාංගය බාවිතා කරලා අපිට පුලුවන් අපගේ ෆෝල්ඩර්ස් හා ෆයිල්ස් ප්‍රමාණයෙන් කුඩා කරන්න. ඒ වගෙම වැඩි බරකින් යුක්ත ෆයිල්ස් කොටස් කර ගන්නත් පුලුවං. එසේ කොටස් කරගත් ෆයිල්ස් එකතු කරලා නැවතත් මුල් ෆයිල් එක හෝ ෆෝල්ඩර් එක අපිට ලබා ගන්නත් පුලුවං. අපි හිතමු 1 GB ක ෆයිල් එකක් මට යාලුවො අතර ශෙයා කරන්න ඕන. ඒ කිව්වෙ මගේ ෆයිල් එක එයාලටත් දෙන්න ඕන කියලා. එතකොට ඉතින් මට කරන්න තියෙන්නෙ ඒ ෆයිල් එක Mediafire වගේ නොමිලේ ලබාදෙන ෆයිල් ශෙයාරින්ග් අඩවියකට අප්ලෝඩ් කරන්න ඕන. මීඩියාෆයර් අඩවිය නොමිලේ බාවිතා කරන්නන්ට වරකට 200 MB වලට වඩා ලොකු ෆයිල් අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ. ඊට වඩා ලොකු ෆයිල් අප්ලෝඩ් කරන්න ඕන නම් සල්ලි ගෙවලා අපිට ඉඩ ගන්න වෙනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි මේ වින්රාර් අපිට වැදගත් වෙන්නෙ. මම වින්රාර් බාවිතා කරලා 1 GB  ෆයිල් එක 200 MB ෆයිල් 5කට කඩලා මීඩියාෆයර් වලට අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරලා ලින්ක් 5 යාලුවොන්ට දෙනවා බා ගනිල්ලා කියලා. එයාලත් ඉතින් අර ලින්ක් පහෙන් කෑලි පහම ඩවුන්ලෝඩ් කරලා නැවතත් වින්රාර් මෘදුකාංගය බාවිතා කරලා අර කෑලි 5ම එකතු කරලා 1 GB තනි ෆයිල් එක හදා ගන්නවා.

මම දන්නවා ගොඩක් අය බාවිතා කරන්නෙ වින්රාර් ට්‍රයල් වර්ශන් එකක් හරි නැත්තම් පරන වර්ශන් එකක් හරි. මේ අඩවියෙන් (http://www.rarlab.com/download.htm) ඔයාලට දවස් 40ක ට්‍රයල් වර්ශන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ගොඩක් අය මේක ඇක්ටිවේට් කරන්න යන්නෙ නෑ. මොකද මේක අපිට වද දෙන්නෙ නෑ ඇක්ටිවේට් කරන්න කියලා. නමුත් මම ඔයාලට පහලින් දානවා මේක ජීවිත කාලයම බාවිතා කරන්න පුලුවන් කී එකක්. මුලින් ඔය උඩ ලින්ක් එකෙන් අලුත්ම වින්රාර් සංස්කරණය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉන්න. ඊට පස්සෙ පහලින් ඩවුන්ලෝඩ් කරගන්න දාන කී එක අරගෙන ඇක්ටිවේට් කරගන්න.
Download WinRAR + Lifetime License - (3.5MB)

වින්රාර් සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරලා ඉවරවෙලා Key ෆයිල් එක Computer >>> Local Disk >>> Program Files >>> WinRAR කියන පාත් එකේ තියෙන වින්රාර් ඉන්ස්ට්‍රෝල් වෙච්ච ෆෝල්ඩර් එකට පේස්ට් කරලා දාන්න. එච්චරයි...
හරි... එහෙනම් මම හිතනවා මේ ලිපිය ඔබට වැදගත් වෙයි කියලා. ප්‍රශ්නයක් මතු උනොත් කමෙන්ට් කරන්න. බා ගෙන සද්ද නැතුව නොගිහින් කමෙන්ට් එකකින් හොඳ නරක කියන්න පුලුවන් නම් වටිනවා. කැමති නම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට හෙල්ප් කරන්න. එහෙනම් අදට මම ගියා... තවත් වැදගත් දෙයක් එක්ක නැවත හමුවෙමු... ජය ශ්‍රී!!!

0 comments:

Post a Comment