SEO 01 - Backlinks ගැන හැම මගුලක්ම....

මම කලින් ලිපියකදී Search Result එකේ පෙළ
ගැස්ම කෙරෙහි බලපාන සාධක කියලා ලිපියක් ලිව්වා.ඒකේදී විවිධ ගැටලු මතු
වුණා.මම කියන්න හදපුදේ හරියට ලියා ගන්න බැරි වුණා සේ දැණුනු නිසා එම ලිපිය
ඉවත් කරලා SEO ගැන මුල සිට අලුත් ලිපි මාලාවක් ලියන්න පටන් ගත්තා.අපේ හැමෝම
ආසයිනේ මේ SEO ගැන ඉගෙනගන්න.මමත් කැමතියි බකමූණෝ වගේ ඉන්නේ නැතුව ඔයාලා
දන්න දෙයක් පහතින් සදහන් කරලා යනවානම්.SEO කියන්නේ?......
මේකේ ඉංග්‍රීසි තේරුම තමා Search Engine Optimization කියන්නේ.ඕකට සිංහලෙන් කියන්නේ සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය කියලා.දැන් ඔහොම කිව්වට තෙරෙන්නෙත් නැහැනේ.එහෙනම් අහගන්න.SEO කියන්නේ සෙවුම් යන්ත්‍රයක යම්කිසි වෙබ් අඩවියක හෝ වෙබ් පිටුවක පෙනීම/දෘශ්‍යතාව ස්වභාවිකවම සෙවුම් යන්ත්‍රය වෙත මුදල් ගෙවීමකින් තොරව වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියට තමයි SEO කියන්නේ.වර්ථමානය වන විට සෙවුම් යන්ත්‍ර විශාල ප්‍රමාණයක් තිබුණත් ඒවා අතරින් සාර්ථකත්වයට එන්නට ලැබී ඇත්තේ Google,Yahoo,Bing යන සෙවුම් යන්ත්‍රවලට පමණි.සාර්ථක සෙවුම් යන්ත්‍රයක Image Search,Video Search,News Search,Local Search ආදී වශයෙන් විවිධ සෙවුම් ක්‍රම ඇතුලත්වේ.ප්‍රධාන වශයෙන් යම්කිසි වෙබ් අඩවියක් නිතර දෙවේලේ සෙවුම් යන්ත්‍රයක Search Result Page එකේ පෙනීම නිසා වැඩි පිරිසක් එය වෙත පිවිසීම නිසා එය Search Result Page එකේ ඉහළ ස්ථානයක් කරා පැමිණේ.මෙය ඕනම සෙවුම් යන්ත්‍රයකට පොදු කරුණකි.
සෙවුම් යන්ත්‍රයක වෙබ් අඩවියක් Optimize කිරීමේදී වෙබ් අඩවියේ පටුන(Content) සහ HTML edit කිරීම සහ Keyword එකට අදාලව ගැලපෙන ආකාරයට කේතකරණය වර්ධනය කිරීම සහ සෙවුම් යන්ත්‍රයේ පෙල ගැස්මට ඇතුලත් වීමට ඇති බාධක ඉවත් කිරීමද සිදුවේ.සෙවුම් යන්ත්‍රයක් ඉබේම වෙබ් අඩවි තම සෙවුම් යන්ත්‍රය වෙත ඇතුලත් කර ගන්නවා.උදාහරණයකට ඔබේ අඩවිය Google වලට Submit කළා කියමු.ඔබ Yahoo වලට Submit නොකාළාට Yahoo විසින් ඉබේම ඔබේ අඩවිය ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රය වෙත ඇතුලත් කර ගන්නවා.එයට බලපාන හේතුව තමයි සෙවුම් යන්ත්‍ර අතර මනා සංයෝජනයක් තිබීමයි.හොදම උදාහරණයක් දෙන්නම්.මම කිසිවිටෙකත් විමසුම්බ්ලොග් Yahoo වෙත Submit කළේ නැහැ.එහෙත් Yahoo වල විමසුම්බ්ලොග් සදහා Yahoo Suggestionනුත් හැදිලා.
කෙසේ නමුත් සෙවුම් යන්ත්‍රයක් විසින් වෙබ් අඩවියක හැම පිටුවක්ම තම සෙවුම් යන්ත්‍රයට ඇතුලත් කරගන්නේ නැහැ.වෙබ් අඩවියක Root Directory එකේ සිට වෙබ් පිටුවට ඇති දුර ප්‍රමාණය අනුව තමා සෙවුම් යන්ත්‍ර වෙබ් පිටු එකතු කර ගන්නේ.සෙවුම් යන්ත්‍රයක යම්කිසි වෙබ් අඩවියක ජනප්‍රියතාව/ප්‍රසිද්ධිය/පෙනීම/දෘශ්‍යත්වය වැඩි දියුණු කිරීමට විවිධ ක්‍රම භාවිතා කරන්න පුලුවන්.මෙහිදී Cross linking ක්‍රමය බහුලව භාවිතා කරන්න පුලුවන්.Cross linking කියන්නේ යම්කිසි වෙබ් අඩවියක වෙබ් පිටු අතර ලින්ක් හුවමාරු කිරීම තුලින් වඩාත් උවමනා වෙබ් පිටු වෙත විශාල ලින්ක් ප්‍රමාණයක් සැපයෙන අතර ඒ තුලින් එම වෙබ් පිටුවේ පෙනීම/දෘශ්‍යතාව වැඩිවේ.නිතර අපේ වෙබ් අඩවිය Search වන Keyword Phase යොදාගෙන ලිපි ලිවීම තුලින් අදාල/උචිත පුළුල් වැදගත් වන සෙවුම් තුල ඔබේ අඩවිය හසුවී ඒ තුලින් විශාල Traffic එකක් ගොඩනගා ගන්නප් පුලුවන්.එම නිසා නිතර ඔබේ අඩවිය Update කිරීම තුලින් ඔබේ අඩවිය කෙරෙහි Search Engine bots වැඩි වැදගත්කමක් ලබාදේ.ඊට අමතරව ඔබේ වෙබ් පිටු තුලට ගැලපෙන/උචිත ලෙස Meta data,tittle tag, & meta description යෙදීම තුලින් ඔබේ අඩවියේ අදාලත්වය/පෙනීම වැඩි දියුණු කර ගන්න පුලුවන්.ඒ තුලින් විශාල Traffic එකක් ගොඩනගා ගන්න පුලුවන්.
සෙවුම් යන්ත්‍රයක පෙල ගැස්ම සකසන ආකාරය.
සෙවුම් යන්ත්‍ර විසින් සෙවුම් යන්ත්‍රය භාවිතා කරන්නන් බලාපොරොත්තු වන සොයන අඩවිය විමර්ශණය කොට සොයා ගනු ලබන්නේ එක් එක් අඩවි වල පිහිටුවා ඇටි ලින්ක්ස් මගිනි.ඉහත රූපයට අනුව වෘත්ත වලින් වෙබ් අඩවි නිරූපණය වන අතර ඒවා ඉංග්‍රීසි අක්ශර වලින් නම් කොට ඇත.B අඩවිය වෙත inbound links ප්‍රමාණය වැඩිය.එම නිසා B අඩවිය Search Result එකේ ඉදිරියෙන් පෙන්වයි.එසේම High Rank එකක් හිමිවේ.තවද ජනප්‍රිය/බලවත් අඩවිය තුලින් ලින්ක් ලබාගෙන ඇත්තේ C අඩවිය පමණි.( Outbound form B )ඒ අනුව Cට ඉහල Rank එකක් හිමිවේ.( Page Rankලැබෙන්නේද මීට සමානම ක්‍රමයකිනි.ඒ ගැන ඉදිරියේදී කථා කරමු)
Google,Yahoo,Bing වැනි ඉදියෙන් සිටින සෙවුම් යන්ත්‍ර Crawlersලා භාවිතා කරනවා එයාලගේ Search Result එක සකසන්න.Crawlers කියන්නේ ස්වයංක්‍රීයව මුළු අන්තර්ජාලයම සැරිසරන්න විධිමත්ව/ක්‍රමවත්ව සකසා ඇති පරිගණක වැඩසටහනක්.මෙවැනි වැඩසටහන් තුලින් Search Result එක සකසන අතරතුර ඔවුන්ට මග හැරෙන පිටු ඇතුලත් කිරීමට Yahoo Directory & Open Directory Project{Dmoz(from directory.mozilla.org)}යන සේවා දෙකත් Google විසින් Google Web Master Toolsද හදුන්වාදෙන ලදි.(Dmoz ගැන හැම මගුලක්ම ඉදිරියේදී කථා කරමු).මෙම සේවා ආරම්භ කිරීමට හේතු වූයේ Crawlersලා හැම වෙබ් පිටුවක්ම සෙවුම් යන්ත්‍ර වෙත ඇතුලත් නොකිරීමයි.
ඉතිං මේ කිව්වේ සියළුම සෙවුම් යන්ත්‍ර වල පොදු කරුණු කිහිපයකි.මේවා දැනගෙන සිටීම තුලින් අපේ අඩවිය ඉහලට ගැනීම පහසුයි.මෙහිදී භාවිතා කරන තාක්ෂණය ප්‍රධාන ආකාර 02කි.එවා නම් White Hat SEO සහ Black Hat SEO වේ.ඒ ගැන ඉදිරියේදි කථා කරමු.ඉතිං පොඩි ආරම්භයක් ගත්තා පමණි.දැන් මාතෘකාවට එමු.අපේ මාතෘකාව තමයි Backlinks ගැන හැම මගුලක්ම යන්නනේ.
මොකක්ද මේ Page Rank එක කියන්නේ?
Page Rank එක කියන්නේ ලින්ක් විශ්ලේෂණයට Google Co-Founder වන Larry Page විසින් භාවිතා කළ ක්‍රමයයි.අනතුරුව මෙය ගූගල් සෙවුම් යන්ත්‍රය විසින් භාවිතා කළා.මේ Page Rank එකෙන් සිදුවන්නේ Document එකක hyperlinks set එක මෙන් World Wide Webහි සංඛ්‍යාත්මක හරණය මැනීමේ මිනුම් දණ්ඩ ලෙස ක්‍රියා කිරීමයි.Page Rank කියන්නේ Googleහි World Wide Webහි සංඛාත්මක හරණය මැනීමේ මිනුම් දණ්ඩේ වෙලද නාමයයි.Page Rank යන වෙලද නාමයට Patent බලපත්‍රයක් ලබා ගත් අතර Patent බලපත්‍රය මගින් එහි අයිතිය ලබා දුන්නේ Page Rankහි නිර්මාතෘ ඉගෙනගත් විශ්ව විද්‍යාලය වන Stanford විශ්වවිද්‍යාලයටයි.Google සමාගමට Page Rankහි තනි අයිතිය ලබා ගැනීමට අවශ්‍ය වූ අතර ඒ වෙනුවෙන් Stanford විශ්වවිද්‍යාලයට Googleහි ඇමරිකානු ඩොලර මිලියන 1.8ක් වටිනා කොටස් ලබා ගත් අතර එම කොටස් 2005 වසරේදී නැවත් Google සමාගමටම ඇමරිකානු ඩොලර් මිලියන 336කට විකුණන ලදි.
Backlink එකක් කියන්නේ?
Backlink කියන එකේ තේරුම incoming links,inbound links,inlinks, and inward links.ඉහත සදහන් කළ සියළුම ලින්ක්ස් වෙබ් අඩවියකට හෝ වෙබ් පිටුවකට පිරිස් එන incoming linksවේ.අවසානයේ මෙහි තේරුම මගේ වචනයෙන් කියන්නම්.Backlink එකක් කියන්නේ ප්‍රධාන ලින්ක් නාමකරණයට අනුව Web node((web page,directory,website, or top level domain)එකක සිට තවත් Web node එකකට වෙන්කරනලද/ප්‍රධානයකරනලද ලින්ක් එකකට තමා Backlink එකක් ඉයන්නේ.
සෙවුම් යන්ත්‍ර කෙරෙහි Backlinks බලපාන ආකාරය...
සෙවුම් යන්ත්‍ර බොහෝ විට/නිතර වෙබ් අඩවියක් සෙවුම් යන්ත්‍රයක Rank කිරීමේදී එම වෙබ් අඩවියට ඇති Backlinks ගණන අතිශයින්ම වැදගත් කරුණක්/ප්‍රධානතම සාධකයක් ලෙස යොදා ගන්නවා.මෙය Backlink එකේ ප්‍රධානතම වැදගත්කමයි.එසේම යම්කිසි වෙබ් අඩවියක් සෙවුම් යන්ත්‍ර ප්‍රශත්කරණයේදී ඉන්ධන ලෙස Backlinks භාවිතා කරන්නේ නම් එවැනි අඩවි නොසලකා හැරීමට සෙවුම් යන්ත්‍ර ක්‍රියා කරනවා.මීට අමතරව Page Rank එක ගැන Google විසින් සදහන් කිරීමේදී එක තැනක මෙසේ සටහන් වෙනවා."Google interprets a link from page A to page B as a vote, by page A, for page B"එතනින් නොකියා කියන්නේ මේ Backlinks ගැන තමා.
SEO වලදී වෙබ් අඩවි විවිධ උපක්‍රම භාවිතා කර තම වෙබ් අඩවියට ඇති Backlinks ප්‍රමාණය වැඩිකර ගනී.සමහර විට නොමිලේද සමහර විට මුදල් ගෙවාද සිදුකර ගනී.මෙතනදී linkbaiting නම් ක්‍රමය සම්පූර්ණයෙන්ම යොදාගන්නා අවස්ථාදවේ.linkbaiting මත යම් වෙබ් අඩවි ඉබේම/ස්වභාවිකවම ගැටේ.උදාහරණයකට අලුතින් පටන් ගත් Breaking News අඩවියකට එහි තොරතුරු කියවීමට බ්ලොග් අඩවි වලින් විශාල ලෙස ඉල්ලීමකින් තොරව ලින්ක් පිහිටුවයි.එම නිසා කෙටි කලකදී විශාල Backlinks ප්‍රමාණයක් ඉබේම/ස්වභාවිකවම ගොඩ නැගේ.මෙය linkbaiting ලෙස හැදින්වේ.
Backlink එකක වටිනාකම තීරණය වීමට විවිධ සාධක බලපානවා.ප්‍රාධිකාරී/බලවත් අඩවි වල සිට ලැබෙන Backlink වල වටිනාකම ඉතා ඉහලයි.මෙසේ ලැබෙන Backlink එකේදි වෙබ් අඩවි දෙකේ අන්තර්ගත එකිනෙකට ගැලපේ නම් එම Backlink එක මගින් සිතාමතා Search Result එකේ අර්ථාන්විත/වැදගත්/උචිත/බලවත් බලපෑමක් සාදා Search Result එකේ ඉහළ Rank එකක් ප්‍රධානය කරනවා.කොටින්ම කිව්වොත් Backlink එකක් මගින් කතෘත්වය පිලිබද වූ ඡන්දය/මනාපය එක වෙබ් පිටුවක සිට තවත් වෙබ් පිටුවකට සතුටුදායකව ඉදිරිපත් කිරීම නිසා Search Result එකේ ඉදිරියට පැමිණීමට හැකිවේ.
ඊලග වැදගත්කම තමා Backlink එකක anchor text එක.anchor text එක කියන්නේ backlink එක ක්ලික් කළ හැකි ආකාරයට hyperlink එකක් ලෙස තිබීමයි.පහත උදාහරණයෙන තේරෙයි.
අප පිහිටුවන Backlink එක hyperlink එකක් ලෙස තිබීමේ වදගත්කම තමා backlink ඒක hyperlink එකක් ලෙස පෙනීම නිසා Search eninge bots(i.e.,spiders,robots,crawlers, etc.)පරීක්ෂා කරනවා වෙබ් පිටුවේ අන්තර්ගත දේට අනුව එම ලින්ක් එකේ අදාලත්වය.අනතුරුව anchor text එක හා web page එකේ සමානාත්මතාව/අංගසම බව Search engine එකේ කුමන ආකාරයක keyword එකක් ඔස්සේ search කළත් ඔබේ අඩවියට Rank එකක් හසුවීම කෙරෙහි වැඩි බරක් ඉසිලීම සිදුකරනවා.
ඉතිං මේ ලිපිය කෙටි උනත් බොහෝ දේවල් කිව්වා.මේ ලිපියේ අන්තර්ගතය ගොඩක් බරපතලයි.මේකේ අන්තර්ගත දේ තේරුම් ගන්න.එවිට ඉදිරි ලිපි වලින් ඔබට කියන දේ පැහැදිලි වේවී.Backlinks ගැන හැම මගුලක්ම කියන්න බැරි උනා.මොකද මගේ අරමුණ මේකේ තියෙන දේ ඔබ පැහැදිලි කර ගන්න.අනතුරුව ඉදිරි ලිපියේදී Backlinks ගොඩනැගීම ගැන කථා කරමු.
Download Latest Freeware Software's and Offline Installers Free from our site.
ReplyDeleteWe are updating this site when a new version is released.
Sri lanka online Video Gallery-ww.nookivideo.com
ReplyDeleteWatch videos online,Find Sinhala Teledrama Videos, sinhala music videos, Films, Gossip, News, Live TV, Live Radio, News sports, kids and funny videos,TV show music videos, breaking news,youtube video,sexy videos including the latest news
ww.nookivideo.com
videos Search through hundreds of millions of breaking news, hot viral, TV show music videos from all over the Web sinhala music videos,Films, Gossip, News, Live TV, Live Radio, News sports, kids and funny videos,TV show music videos, breaking
ww.nookivideo.com
news,youtube video,sexy videos latest news videos breaking news, hot viral, TV show music videos Sinhala Teledrama Videos,
Sri Lankan News Video Sri Lanka online Sri Lankan Web Channel,WebHosting Service
Television Network ITN Sri Lanka Live Web Cast Sri Lanka Gossips and Funny Videos Sri Lanka Parliament BOI Sri Lanka Sri Lanka Tourism SriLankan Airlines Ministries of Sri Lanka Other Government Websites
ww.nookivideo.com
http://www.nookivideo.com
http://www.skyovnis.com/
ReplyDeleteLike4social.com
ReplyDeleteගොඩක් වැදගත් පෝස්ට් එකක් බ්‍රෝ මටනම් ගොඩක් වැදගත් වුනා :)
ReplyDeleteඅන්තර්ජාල අලෙවිකරණය ගැන දැනගන්න කැමතිනම් අපිත් එක්ක එකතුවෙන්න
Internet Marketing ගැන සිංහලෙන්ම
http://xbees.netai.net/
ReplyDeletehttp://www.aluth.info
ReplyDeleteශ්‍රී ලංකීය පුරවැසියන්ගේ අධ්‍යාපනික හා තාක්ෂණික නවාතැන. Aluth.info | Sri lanka's best Educational and Technical Magazine
Good information www.sbmade.com
ReplyDeleteWow Nice Post I like It.. https://www.artsapi.lk
ReplyDeleteWow Nice Post I like It.. Here
ReplyDeleteSindu - Download your favorite Sinhala, Hindi,Tamil songs, Lyrics, Chords and Sinhala sindu MP3 for free, hundreds of new songs published everyday!
ReplyDeleteSindu - Download your favorite Sinhala, Hindi,Tamil songs, Lyrics, Chords and Sinhala sindu MP3 for free, hundreds of new songs published everyday!
ReplyDeletehttps://salgadofurnitures.com/
ReplyDeleteBuy your Home & Office Furniture from Salgado Funritures and one and only online furniture design studio in Srilanka.
Hello,
ReplyDeletewe provide affordable and result-oriented SEO services, please give a chance to serve you.
Thanks
Admin: E07.net
Health & Beauty
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteYou can download A/L papers https://www.lknotes.com/
ReplyDelete